ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ දෙවන ගුවන්විදුලි ආයතනයවන අතර ආසියාවේ ප්‍රථම ගුවන්විදුලියයි. එය 1925 වර්ෂයේදී ආරම්භ විය. ලංකාවේ විශාලතම ගුවන්විදුලි මාධ්‍ය ජාලයවන එහි ප්‍රධාන ධාරවේ නාළිකා 06 ක් ප්‍රාදේශීය නාලිකා 07ක් සමග දෙස් විදෙස් නාලිකා 14 ක් විකාශය කෙරේ. එසේම 1968 වසරේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනය ආරම්භ වූ අතර එය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ සන්නිවේදන කාර්යමණ්ඩල පුහුණු කිරීම ප්‍රමුඛ කාර්යය බවට පත්වූ ලොකයේ දෙවන විද්‍යුත් මාධ්‍ය විෂයික පුහුණු ආයතනයයි. මෙය තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති අතර ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන පුහුණු ආයතනය ලෙස විද්‍යුත් සන්නිවේදනයේ අත්දැකීම් හුවමාරුවේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි.
ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී පුහුණු ආයතනය ලෙස ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වීම
ලෝක ගුවන්විදුලි සන්නිවේදන ක්‍ෂේත්‍රයේ දියුණුවට අනුරූප දැනුම කුසලතා සහ ආකල්ප ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සන්නිවේදකයන් තුළ ප්‍රවර්ධනය කිරීම.
01. වඩාත් දියුණු හා පරිණත ලෙසමාධ්‍ය භාවිතය සදහා අවශ්‍ය උත්තේජනය ලබාදීම.
02. ප්‍රශස්ත මාධ්‍ය භාවිතයකට අවශ්‍ය සදාචාරාත්මක සාධක හදුනා ගැනීම සහ ඒ ඔස්සේ ගුවන්විදුලි මාධ්‍ය කරුවන්ට යොග්‍ය චර්යා ධර්ම සමූහයක් (code of ethics ) වර්ධනය කිරීම.
03. ඉහළම වෘත්තීයමය ප්‍රමිතීන් වර්ධනය කිරීම සහ ඒවා පවත්වගෙන යාම.
04. උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතනික පුහුණු අවශ්‍යතා සැපිරීම
05. බාහිර ආයතන සංවිධාන සහ පුද්ගලයන්ගෙන් මුදල් අයකර සන්නිවේදන පාඨමාලා සිදුකිරීමෙන් ඔවුන්ගේ හැකියා වර්ධනය කිරීමේ පුරොගාමී ආයතනයක් ලෙස ක්‍රියාකරන අතරම සංස්ථාවට අමතර ආදායමක් ලබාදීම.